- Sir/ madam
සෘණ සංඛ්‍යාවක හෝ සංකීර්ණ සංඛ්‍යාවක වර්ගමූල ,මුවාවර් පුමෙියෙන් සොයාගන්න පුලුවන් ,
ඒ හොයාගන්න දෙකෙන් ප්‍රදාන මුලය මොකද්ද?
එහෙම අර්ථ දක්වනවනං ඒ සදහා radical sign එක හෝ 1/2 දර්ශකය පාවිචිචි කරන්න පුලුවන්ද?
එහෙම නැත්තන් ප්‍රදාන මුලය කියල එකක් මෙි වගේ තැන් වලදි අර්ත දක්වන්න බැරිද?
ඍණ නොවන තාත්වික සංඛ්‍යාවක වර්ගමූලය කියල ගන්නෙ ඍණ නොවන මූලය, ඒකටම තමයි ප්‍රධාන මූලය ( principal root) කියන්නේ .
√4 = 2, √0 =0
ඒත් 4 හි වර්ගමූල කිව්වොත් එතනදී ±2 කියන අගයන් දෙකම සලකනවා.
ද මුවාවර් ප්‍රමේය මඟින් ශුන්‍ය නොවන ඕනෑම x සංඛ්‍යාවක n වන මූල සෙවීමේදී මූල n ගනනක් ලැබෙනවා. මෙතනදී x ඍණ හෝ අතාත්වික නම් ප්‍රධාන මූලය කියලා විශේෂයෙන් එක මූලයක් නම් කරන්නේ නෑ.
එහෙම ප්‍රධාන වර්ග මුලය කියල එකක් සෘණ සංඛයාවකටහරි සංකීර්න සංඛයාවකටහරි අර්තදක්වන්නෙ නැත්නං,ඒකෙන් අදහස් වෙන්නෙ ඒ වගේ සංඛයා වලට radical sign හෝ 1/2 බලය යොදන්න බැ කියනඑක නේද? මොකද එකම සංඛයාවකට ප්‍රධාන විස්තාර දෙකක් තියෙන සංඛ්‍යා දෙකක් සමාන වෙන්න බැහැනෙ
උදාහරණයක් විදිහට 5 + 12i හි වර්ගමූල ගැන කතා කරද්දී √(5+12i) විදිහට තමයි ලියන්නෙ ඒත් උත්තර දෙකක් තියෙනවා, ඒ වුනාට ඒ උත්තර සමාන වෙන්න ඕන කියලා නීතියක් තියෙනවාද ? අවශ්‍ය වන්නේ ඒ උත්තර වර්ග කරපුවාම 5+12i ලැබීම පමණක් නෙවෙයිද? මෙතන වෙන්නෙ සියලුම වර්ගමූල සඳහා පොදු සංකේතයක් විදිහට √(5+12i) යොදා ගන්න එක නෙවෙයිද?
ඔබතුමා කියන විදියට රැඩිකල් sign එකත් එක්ක -1 කියන නිරැපනය = i කියල ගන්නත් පුලුවන් = -i කියල ගන්නත් පුලුවන්, ඒ කියන්නෙ i= -i වෙනවනෙ.තව ටිකක් සුලු කරහම i = 0 වෙනව, ඒ කියන්නෙ අර කියපු විදියට ගන්න එක අවුල් නේද?( -1 වර්මුල -i සහ i ,ඒකෙ කිසි ගැටලුවක් නැ,මටතියෙන්නෙ රැඩිකල් සයින් එක යෙදීම ගැන ගැටලුවක්)
0/0 කියන එක අනිර්ණයක්, ඒ කියන්නේ ඒකට අගයන් ඕනෑ තරම් තියෙනවා. හැබැයි මූලයන් එහෙම නෙවෙයි ඒකට තියෙන්නේ නිශ්චිත පරිමිත අගයන් ගනනක්. මෙතනදී ප්‍රශ්නයක් ඇති වෙන්නෙ radical sign එක යෙදී ඇති ප්රකාශනය එක අගයක් පමණක් දැක්වෙනවා කියලා හිතන එක . මම කියන්නේ radical sign එක නැත්තම් භාග දර්ශක යෙදෙන විට ඒ ප්රකාශනය මඟින් සියලුම මූල නියෝජනය වෙනවා කියලා. අතාත්වික සංඛ්‍යා ගැන නොදන්න කෙනෙක් 8 හි ඝන මූලය 2 කියන්න පුළුවන්, ඒත් ඇත්තටම 8 හි ඝන මූලයට උත්තර තුනක් තියෙනවා. ඒ කියන්නේ ඝන මූලය ශ්‍රිතයක් විදිහට අරගෙන සහවසම සංකීර්ණ සංඛ්‍යා කුලකය විදිහට ගත්තොත් 8 හි ඝන මූලය 2 කියලා කියන එක සම්පූර්ණ උත්තරයක් නෙවෙයි. මේ ලැබෙන මූල කොහෙත්ම සමාන කරන්න බෑ නේද?